දඹුල්ලට අද ක්‍රිකට් වසන්තය – පළමු විස්සයි විස්ස තරග අද රාත්‍රියේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (17) දඹුල්ලේ දී ආරම්භ වනවා.

රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසරට පහකට පමණ පසුව වීම විශේෂත්වයක්.

අද පස්වරු 7.00ට තරගය ආරම්භ වීමට නියමිත අතර දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වනවා.

මේ අතර දෙරට අතර පැවති ටෙස්ට් තරගය සහ එක්දින තරගාවලිය ද ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවනවා.

විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහකයින්ට හිමිවන කුසලානය ඊයේ එළිදැක් වූ අතර, තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට දෙපිළේම නායකයින් ඊයේ (16) එක් වුණා.

මෙම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් සිව්දෙනෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟින් අද තරගයට එක්වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

ශ්‍රී ලංකා සංචිතය

වනිඳු හරසංග (නායක), චරිත් අසලංක, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, මතීෂ පතිරණ, කුසල් පෙරේරා, සදීර සමරවික්‍රම, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර

ඇෆ්ගනිස්තාන සංචිතය

ඊබ්‍රාහිම් සද්‍රාන් (නායක), අස්මතුල්ලාහ් ඔමර්සායි, ෆරීඩ් අහ්මඩ්, ෆසල්හක් ෆාරුකි, ගුල්බඩින් නයිබ්, හස්රතුල්ලා සසායි, කරීම් ජනට්, මොහොමඩ් ඉෂාක්, මොහොමඩ් නබි, නජිබුල්ලා සද්‍රන්, නවීන්-උල්-හක්, නූර් අහ්මඩ්, කයිස් අහ්මඩ්, රහ්මානුල්ලා ගුර්බාස්, ෂරෆුදීන් අෂ්රෆ්, වෆාඩර් මොමන්ද්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14