දඩ කොළ ගෙවන්න තැපැල් කාර්යාල කිහිපයක් පැය 24ම වැඩ

බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත මේබව දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව පැය 24 පුරා විවෘත තැපැල් කාර්යාල,

  1. බොරැල්ල
  2. වැල්ලවත්ත
  3. හැව්ලොක් ටවුන්
  4. දෙහිවල
  5. මොරටුව
  6. පානදුර
  7. කළුතර
  8. කොටහේන
  9. කොම්පඤ්ඤවීදිය
  10. බත්තරමුල්ල
  11. ගල්කිස්ස
  12. නුගේගොඩ
  13. සීතාවකපුර