දඩ කොළේ ගෙදරට එව්වොත් බස් වර්ජනයක් අනිවාර්යයි – ගැමුණු විජේරත්න

කොළඹ නගරයේ ස්ථාපිතකර ඇති සී.සී.ටී.වී කැමරා උපයෝගි කරගනිමින් මාර්ග නීති කඩකරන රියදුරන් හඳුනාගැනීමේ ක්‍රමය අනිද්දා (22) සිට ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව එලෙස හඳුනාගන්නා රියදුරන්ගේ දඩ කොළ නිවෙස් වෙත එවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම ක්‍රමයට තමන් විරෝධතාව පළකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ මාර්ග නීති කඩකරන පෞද්ගලික බස් රථවල, හිමිකරුවන්ගේ නිවෙස් වෙත දඩ කොළ එවීමට පොලිසිය සැලසුම් කර ඇති බවයි.

බස් රථයේ රියදුරුවරයා සිදුකරනු ලබන වැරදි බස් රථයේ හිමිකරුට අදාළ නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

පොලිසිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් තම සංගමය ඉදිරි දින කිහිපය තුළ දී බස් ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කරන බව ද සභාපතිවරයා සඳහන් කළා.

බස් රථ හිමියන්ගේ අදහස් විමසීමකින් තොරව පොලිසිය මෙම තීරණවලට එළඹී ඇති බවයි ඔහු අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කර සිටියේ.

මේ අතර බස් රථ ප්‍රමුඛතා මන්තීරුව ක්‍රියාත්මක කර බස් රථ ධාවනයට නිසි වැඩපිළිවෙළ සකස් කරන්නේ නම් මෙම යෝජනාවට බස් රථ හිමිකරුවන් එකඟවන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48