spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඩ කොළේ ගෙදරට එව්වොත් බස් වර්ජනයක් අනිවාර්යයි – ගැමුණු විජේරත්න

කොළඹ නගරයේ ස්ථාපිතකර ඇති සී.සී.ටී.වී කැමරා උපයෝගි කරගනිමින් මාර්ග නීති කඩකරන රියදුරන් හඳුනාගැනීමේ ක්‍රමය අනිද්දා (22) සිට ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

ඒ, අනුව එලෙස හඳුනාගන්නා රියදුරන්ගේ දඩ කොළ නිවෙස් වෙත එවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම ක්‍රමයට තමන් විරෝධතාව පළකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන්නේ මාර්ග නීති කඩකරන පෞද්ගලික බස් රථවල, හිමිකරුවන්ගේ නිවෙස් වෙත දඩ කොළ එවීමට පොලිසිය සැලසුම් කර ඇති බවයි.

බස් රථයේ රියදුරුවරයා සිදුකරනු ලබන වැරදි බස් රථයේ හිමිකරුට අදාළ නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

පොලිසිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් තම සංගමය ඉදිරි දින කිහිපය තුළ දී බස් ධාවනයෙන් ඉවත්වීමට කටයුතු කරන බව ද සභාපතිවරයා සඳහන් කළා.

බස් රථ හිමියන්ගේ අදහස් විමසීමකින් තොරව පොලිසිය මෙම තීරණවලට එළඹී ඇති බවයි ඔහු අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කර සිටියේ.

මේ අතර බස් රථ ප්‍රමුඛතා මන්තීරුව ක්‍රියාත්මක කර බස් රථ ධාවනයට නිසි වැඩපිළිවෙළ සකස් කරන්නේ නම් මෙම යෝජනාවට බස් රථ හිමිකරුවන් එකඟවන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?