දකුණු මුහුදේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම හෙළිවෙයි (වීඩියෝ)

හික්කඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245කට අධික තොගයේ වටිනාකම රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් බවට අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදු කළ බුද්ධි මෙහෙයුමකින් ලැබුණු තොරතුරකට අනුවයි වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා වැටලීම සිදු කරනු ලැබුවේ.

ඒ හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28ක් පමණ (කිලෝමීටර් 50ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දීයි.

සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම අනුව ඊයේ (04) සවස් කාලයේ එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ මෙම සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබුණා.

එම බහුදින ධීවර යාත්‍රාව ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද උදෑසනයි.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ පරීක්‍ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල රුපියල් මිලියන 3190කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245කට අධික තොගයක් සමඟ එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ උර 8ක් තුල පාර්සල් 130ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 189යි ග්‍රෑම් 388ක පමණ තොගයක් සහ පාර්සල් 48ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 55යි ග්‍රෑම් 648ක පමණ තොගයක් සොයා ගැනුණා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 245යි ග්‍රෑම් 036ක පමණ තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3190කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28ත් 66ත් අත‍ර පසුවන ගාල්ල, බේරුවල සහ ගල්ගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා. එම සැකකරුවන්, බහුදින ධීවර යාත්‍රාව, අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා.

  1. Oita wadiya hoyaganna puluwan moratu mulla policeyata moratu mulla police wasamen wadi purama seewali mawathatha. Samarakhon idama idibadda.willorawaththa. saha mama nokiuwata ekeee mekeee hamathanama dannawa eyalaa😜😜
    Eyaala yaluwooo malli ubalawa thamaii walanata baaradenne 🤣🤣🤣
    Malli un okkoma ekaii malli🥹🥹🥹🙏🙏🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18