spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු පළාතට සති දෙකක විදුලි කප්පාදුවක්?

ලබන 16 වනදායින් පසු දකුණු පළාතේ දින 10ක පමණ කාලයක් පැය දෙකකට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාව 31% දක්වා පහත බැස ඇති බවයි.

සමනළ වැව ජලාශයේ සමස්ත ධාරිතාව 16% සිට 7% දක්වා පහත බැස ඇති බවයි ඔහු අනාවරණ කළේ.

ඉදිරි දිනවලදී ද ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණ හොත් විදුලි ජනනය කිරීම සිදුකළ හැකි වන්නේ 16 වනදා දක්වා පමණක් බව ඉංජිනේරුවරයා පෙන්වා දෙනවා.

අනතුරුව හදිසි විදුලිය මිලදී ගැනීම්වලට යාමට සිදුවන අතර එසේ නොමැති වුවහොත් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

දකුණු පළාතට විදුලිය ලබාදීම සඳහා ඉදි කරමින් පවතින අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය වෙනුවෙන් අදාළ තේ වතු හිමියන් එකඟතාව පළකර ඇතැයි තොරතුරු වාර්තා වන බව ද නන්දික පතිරගේ ප්‍රකාශ කළා.

කෙසේවෙතත් පවතින කාලගුණික තත්ත්වය හමුවේ යම් කිසි සුලු කාල වේලාවක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන අතර වර්ෂාව නොමැති වුවහොත් 16 වනදායින් පසු සමනළවැව ජලාශයෙන් විදුලි ජනනය කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොවන අතර දකුණු පළාතේ පමණක් රාත්‍රී කාලයේ පැය 1 හමාරක් හෝ දෙකකට ආසන්න කාලයක් විදුලි කප්පාදුව කිරීමට සිදුවන බව ද ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

නොරොච්චෝල බලාගාරය ලබන සතියේ සිට යළිත් ජාතික පද්ධතියට එක්වීමට ද නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනුමැතිය ලැබුණ හොත් අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදි කිරීම අවසන් වන තෙක් සති දෙකක පමණ කාලයක් විදුලි කප්පාදුව කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?