දකුණු පළාතට සති දෙකක විදුලි කප්පාදුවක්?

ලබන 16 වනදායින් පසු දකුණු පළාතේ දින 10ක පමණ කාලයක් පැය දෙකකට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාව 31% දක්වා පහත බැස ඇති බවයි.

සමනළ වැව ජලාශයේ සමස්ත ධාරිතාව 16% සිට 7% දක්වා පහත බැස ඇති බවයි ඔහු අනාවරණ කළේ.

ඉදිරි දිනවලදී ද ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණ හොත් විදුලි ජනනය කිරීම සිදුකළ හැකි වන්නේ 16 වනදා දක්වා පමණක් බව ඉංජිනේරුවරයා පෙන්වා දෙනවා.

අනතුරුව හදිසි විදුලිය මිලදී ගැනීම්වලට යාමට සිදුවන අතර එසේ නොමැති වුවහොත් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

දකුණු පළාතට විදුලිය ලබාදීම සඳහා ඉදි කරමින් පවතින අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය වෙනුවෙන් අදාළ තේ වතු හිමියන් එකඟතාව පළකර ඇතැයි තොරතුරු වාර්තා වන බව ද නන්දික පතිරගේ ප්‍රකාශ කළා.

කෙසේවෙතත් පවතින කාලගුණික තත්ත්වය හමුවේ යම් කිසි සුලු කාල වේලාවක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන අතර වර්ෂාව නොමැති වුවහොත් 16 වනදායින් පසු සමනළවැව ජලාශයෙන් විදුලි ජනනය කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොවන අතර දකුණු පළාතේ පමණක් රාත්‍රී කාලයේ පැය 1 හමාරක් හෝ දෙකකට ආසන්න කාලයක් විදුලි කප්පාදුව කිරීමට සිදුවන බව ද ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

නොරොච්චෝල බලාගාරය ලබන සතියේ සිට යළිත් ජාතික පද්ධතියට එක්වීමට ද නියමිතයි.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනුමැතිය ලැබුණ හොත් අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදි කිරීම අවසන් වන තෙක් සති දෙකක පමණ කාලයක් විදුලි කප්පාදුව කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30