දකුණු කොරියාවේදී තරුණියක් දූෂණය කළ ලාංකිකයෙකුට එරෙහිව අභියාචනයක්

1998 වසරේ දකුණු කොරියානු භූමියේ දී දකුණු කොරියානු ජාතික 18 හැවිරිදි තරුණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව අහෝසි කොට එම විත්තිකරුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ ඇපෑලේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (27) දින දින නියමයක් නොමැතිව කල් තැබුවා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඇපැල් පෙත්සම අද (27) දින ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණා.

1998 වසරේ දකුණු කොරියාවේදී රැකියාවකට ගොස් සිටි ශ්‍රී ලාංකික විත්තිකරු විසින් ම එරට පදිංචි දා අට ඇවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඩී.එන්.ඒ සාක්ෂි මත ඔහුට එරෙහිව දකුණු කොරියානු අධිකරණය හමුවේ එරට රජය විසින් නඩු පවරා තිබුණි.එහෙත් තාක්ෂණික හේතුන් මත විත්තිකරු එම නඩුවෙන් නිදහස් කෙරුණු අතර ඉන් පසුව මෙම විත්තිකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන කර සිටියා.

ඉන් අනතුරුව කොරියානු ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය සහයෝගිතා ගිවිසුම යටතේ මෙම විත්තිකරුට එරෙහිව ශ්‍රී ලංකාවේදී නඩු පවරන ලෙස දකුණු කොරියානු රජය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ නීතිපතිවරයා විසින් අදාල විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා. එම නඩුව දීර්ඝ ලෙස විභාග කළ කොළඹ මහාධිකරණය අදාළ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.

පසුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළ අතර එය විභාග කළ අභියාචනාධිකරණය විසින් අදාළ ඇපෑල නිෂ්ප්‍රභ කරමින් අදාළ විත්තිකරු නිදොස් කොට නිදහස් කොට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව තහවුර කළා.

ඉන් පසුව අදාල විත්තිකරු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් දුන් තීන්දු බල රහිතකොට අදාල විත්තිකරුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

මෙහිදී පෙත්සම්කාර අභියාචක විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46