spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන් දකුණු වරාය නගරයක් වන බුසාන් හි සංචාරයක යෙදී සිටිය දී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහුගේ ගෙළ ප්‍රදේශයට මෙම පිහි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නාඳුනන පුද්ගලයෙකු විසින් අද මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, තුවාල ලැබු පක්ෂ නායකවරයා ප්‍රදේශීය රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර වයසේ පසුවන අයෙක්.

59 හැවිරිදි ලී ජේ-මියුන් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය දරන අතර, ඔහු දැනට දකුණු කොරියාවේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු නොවන නමුත් 2024 අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේදී ආසනයක් සඳහා තරඟ කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?