දකුණු කොරියානු ජනාධිපතිවරයා ජාතියෙන් සමාව අයදීයි

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් සමාව අයැද තිබෙනවා.

ජනාධිපතිවරයා සමාව අයැදිමින් පැවසුවේ ඉදිරියේ දී තවත් එවැනි නියෝගයන් සිදු නොකරන බවයි.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දකුණු කොරියානු ජනාධිපතිවරයා යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ අතර, කෙසේ වෙතත් එය වහාම ඉවත් කිරීමටයි පසුව කටයුතු කළේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය හේතුවෙන් ඔහුට දෝෂාභියෝගයකට මුහුණ දීමට ද සිදුව තිබෙනවා.

“මට ඉතා කණගාටුයි, කම්පනයට පත් වූ ජනතාවගෙන් අවංකවම සමාව අයදින්න කැමතියි,” යනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනී ඔස්සේ මහජනතාව අමතමින් සමාව අයැද සිටියා.

මේ අතර දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන් ඊයේ (06) කියා සිටියේ ජනාධිපති යූන්ගේ ප්‍රකාශය ගැන තමා කලකිරීමට පත් වූ බවත්, එමඟින් සිදු වූයේ මහජනතාවගේ කෝපය වැඩි කිරීම පමණක් බවයි.

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද ලී වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27