දකුණු කාශ්මීරයේ සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම LeT කණ්ඩායම භාරගනියි

ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ලෂ්කර්-ඊ-තායිබා (LeT) ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ එම ත්‍රස්ත සංවිධානය සමාජ මාධ්‍ය පණිවිඩයක් තබමින් ඒ බව ප්‍රකාශ කර ඇති බවයි.

දකුණු ජම්මු සහ කාශ්මීරයේ සංචාරකයින් පිරිසකට පෙරේදා (22) මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.

ඉන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගිය අතර නාවික හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් ද මරණකරුවන් අතර සිටින බවයි වාර්තා වූයේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලැබුවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දශක දෙකකට ආසන්න කාලයක දී රටේ සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය මෙය බවයි.

පහල්ගම් දිස්ත්‍රික්කයේ දර්ශනීය හිමාලයානු කලාපයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස වෙඩි ප්‍රහාරය සිදු වූ ස්ථානය පිළිගැනෙනවා.

මියගිය අය අතර ඉන්දියානුවන් 25 දෙනෙකු සහ නේපාල ජාතිකයෙකු ඇතුළත් බවත් හෙළි ව තිබෙනවා.

2008 මුම්බායි වෙඩි තැබීමෙන් පසු ඉන්දියාවේ සිවිල් වැසියන්ට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වූ අතර මුම්බායි ප්‍රහාරයෙන් ද 160කට වැඩි පිරිසක් මියගියා.

සෞදි අරාබි සංචාරය ඉතා ඉක්මනින් අවසන් කර, ඊයේ (23) උදෑසන ඉන්දියාවට පැමිණි අගමැති නරේන්ද්‍ර මෝදි, “මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින අය නීතිය හමුවට පමුණුවන බවත් ඔවුන්ට කිසිදු නිදහසක් නොලැබෙන බවත්”ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06