spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු ඉන්දියානු සුපිරි ගායක හරිහරන් යාපනයේ අතරමං වූ කතාව බොරුවක් ! (ඡායාරූප)

දකුණු ඉන්දියානු ජනප්‍රිය ගායක හරිහරන් යාපනයේ දී අතරමං වී ඇති බවට පළවන පුවත් අසත්‍ය බව යාපනයේ අප වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් මාධ්‍ය අද (17) දිනයේ වාර්තාකර තිබුණේ ජනප්‍රිය ගායක හරිහරන් යාපනයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණ එම ප්‍රසංගයට අවලංගු කිරීම හේතුවෙන් යළි ඉන්දියාවට යාමට නොහැකිව යාපනයේ අතරමංව සිටින බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සීමාකර තිබීම මත ඔහුට මෙලෙස යළි ඉන්දියාව බලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව එම පුවත්වල වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

හරිහරන් සමඟ තවත් ගායක ගායිකාවන් 11 දෙනෙකු මෙම තත්ත්වයට මුහුණ පා සිටින බවයි පළකර තිබූ එම ප්‍රවෘත්තිවල දැක්වුණේ.

කෙසේ වෙතත් යාපනයේ අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ එවැනි ප්‍රසංගයක් සඳහා දකුණු ඉන්දියානු ජනප්‍රිය ගායක හරිහරන් මේ දක්වා යාපනයට පැමිණ නොමැති බවයි.

ලබන 21 වනදා මෙම සංගීත ප්‍රසංගය යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවත්, එම ප්‍රසංගය මේ වනවිට අවලංගු කර ඇති බවත් අප වාර්තාකරුවන් සඳහන් කළා.

WhatsApp Image 2023 12 17 at 2.28.25 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?