දකුණු ඉන්දියානු සුපිරි ගායක හරිහරන් යාපනයේ අතරමං වූ කතාව බොරුවක් ! (ඡායාරූප)

දකුණු ඉන්දියානු ජනප්‍රිය ගායක හරිහරන් යාපනයේ දී අතරමං වී ඇති බවට පළවන පුවත් අසත්‍ය බව යාපනයේ අප වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් මාධ්‍ය අද (17) දිනයේ වාර්තාකර තිබුණේ ජනප්‍රිය ගායක හරිහරන් යාපනයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණ එම ප්‍රසංගයට අවලංගු කිරීම හේතුවෙන් යළි ඉන්දියාවට යාමට නොහැකිව යාපනයේ අතරමංව සිටින බවයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සීමාකර තිබීම මත ඔහුට මෙලෙස යළි ඉන්දියාව බලා යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව එම පුවත්වල වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

හරිහරන් සමඟ තවත් ගායක ගායිකාවන් 11 දෙනෙකු මෙම තත්ත්වයට මුහුණ පා සිටින බවයි පළකර තිබූ එම ප්‍රවෘත්තිවල දැක්වුණේ.

කෙසේ වෙතත් යාපනයේ අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ එවැනි ප්‍රසංගයක් සඳහා දකුණු ඉන්දියානු ජනප්‍රිය ගායක හරිහරන් මේ දක්වා යාපනයට පැමිණ නොමැති බවයි.

ලබන 21 වනදා මෙම සංගීත ප්‍රසංගය යාපනයේ මූරාවේලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බවත්, එම ප්‍රසංගය මේ වනවිට අවලංගු කර ඇති බවත් අප වාර්තාකරුවන් සඳහන් කළා.

WhatsApp Image 2023 12 17 at 2.28.25 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02