දකුණු ආසියාවේ අසාධාරණතාව සහ අස්ථාවරතාව – ඉන්දියාවට නායකත්ව අභියෝගයක්

දකුණු ආසියාවේ රටවල් කිහිපයක් තුළ වර්තමානයේ දැක්වෙමින් පවතින සමාජ අස්ථාවරතා, විරෝධතා සහ ආර්ථික අර්බුද තනි තනි සිදුවීම් නොව, වසර ගණනාවක් පුරා ගොඩනගා ගිය ව්‍යුහමය ගැටලුන්ගේ ප්‍රතිඵල බව ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පවසනවා.

ඔහු මේ සම්බන්ධයෙන් ද ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියට වාර්තාවක් සපයා තිබුණා.

කොරෝනා වසංගතය මේ ගැටලු තවදුරටත් උග්‍ර කරමින් ආර්ථික විෂමතාව වැඩි කළ බව පෙන්වා දෙන මොරගොඩ, සමාජයේ කුඩා කණ්ඩායමකට දැනටමත් තිබූ ධනය හා බලය තවදුරටත් එකතු වී ඇති අතර මධ්‍යම පන්තිය තරමක් කුඩා වී ඇතැයි පවසනවා.

දුප්පත් ජනතාවට තවදුරටත් අසීරු තත්ත්වයක් උදා වී ඇතිවා පමණක් නොව සමාජ මාධ්‍ය සහ අධි දත්ත යුගය ඔස්සේ සමාජය බෙදී යන තත්ත්වයක් මතුව තිබෙනවා.

නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දුනීසියාව ඇතුළු රටවල්වල සිදුවූ විරෝධතා සහ අර්බුද මේ අසාධාරණතාව හා යෞවන ජනතාවගේ අතපසුභාවය පිළිබඳ ගැටලු සෘජුවම පෙන්වනවා .

මේ සම්බන්ධයෙන් ඉන්දියාව තවත් කටයුතුවලට මුහුණ දිය යුතු බවට අදහස් පලවී තිබෙනවා.

“අසල්වැසි ප්‍රථම” නව මගක්
ඉන්දියාව මේ වන විට “අසල්වැසි ප්‍රථම” යන ප්‍රතිපත්තිය යටතේ මූලික උපකාරක කාර්යයන්, අධිකාරී සහය, ව්‍යාපෘති හා ආධාර සැපයූවත්, මේවා විශේෂ අවස්ථා සඳහා වන පිළියම් පමණක් බව මිලින්ද මොරගොඩ මහතාගේ අදහසයි.

ඒ අනුව “අසල්වැසි ප්‍රථම 2.0” යන නව සංකල්පයක් ඔහු යෝජනා කරනවා.

•දකුණු ආසියාවේ ව්‍යාපාර, වෙළඳාම සහ යාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුලුල් කිරීම.
•සමුහ බලශක්ති ජාල, ජලවිදුලි හා නවීනකරණ ශක්ති සම්බන්ධතා තනාගැනීම.
•තරුණ පරපුරට කුසලතා පුහුණු කිරීම, ව්‍යාපාර අවස්ථා හා රැකියා සපයන කටයුතු.
•කුඩා ව්‍යාපාර, ග්‍රාමීය හා කාන්තා ආර්ථික ක්ෂේත්‍ර වෙළඳාමට සම්බන්ධ කිරීම.
•ආහාර, සෞඛ්‍ය, බලශක්ති සහ පරිසර ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීම.

ලෝකය තුළ මේ වන විට බහුකේන්ද්‍රීය බලයක් උද්ගත වෙමින් ඇති අතර ආරක්ෂණවාදී ආර්ථික ප්‍රවණතාද වැඩිවී තිබෙනවා.

මේ තත්ත්වය තුළ දකුණු ආසියාව එකට එකමුතුවිම අසාර්ථක වූහොත්, එය අතපසු වීමේ වැඩි ඉඩක් ඇතැයි මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙනවා.

ඉන්දියාව, මේ වන විට වේගයෙන් වැඩි වෙමින් පවතින ආර්ථික බලයක් වන අතර, ඒ හේතුවෙන් අසල්වැසි රටවල් සමඟ විශ්වාසය ගොඩනගමින් නායකත්වය දරන්නට එය සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු මහකොමාසාරිස්වරයාගේ අදහසයි.

අසාර්ථක ආධාරක වැඩපිළිවෙලකට වඩා, ගැටලුවල මුල් හේතු සලකා බලන සහ තරුණ පරපුරට අවස්ථා තනන වැඩපිළිවෙලක් අවශ්‍ය බව තහවුරු වී තිබෙනවා.

ඒ මගින් දකුණු ආසියාව තුළ ඇති අස්ථාවරතාවය පාලනය කිරීමේ හැකියාව ඉන්දියාවට ලැබෙනු ඇති.

මිලින්ද මොරගොඩ විසින් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවියට සැපයූ වාර්තාවකින් සකස් කළ ලිපියකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22