දකුණු ආසියානු රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ජනපති පහදයි

දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ගෝලීය ආර්ථිකය ආසියාව දෙසට විතැන්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති YPO Colombo Experience: Rediscover the Pearl සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමින්.

දකුණු ආසියානු කලාපයේ නව ආර්ථික පරිවර්තනයක් උදෙසා වන සිය දැක්ම මෙහිදී ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කලාපයේ රටවල් අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවිය හැකි නව ආකෘතියක් ද යෝජනා කර තිබෙනවා.

මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ තමා අතර ඊයේ (17) පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ සංචාරක කලාපයක් ඇති කිරිම වෙනුවෙන් සමීප සහයෝගිතාවයකින් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා වූ බවයි කියාසිටියේ.

එසේම ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගකාරී සහ ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් මෙන්ම බලශක්ති පරිවර්තනයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණු ලෙස පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාව කලාපීය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉහළ ආදායම් ලබන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සහ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ වන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූවා.

ඒ අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස අක්කර මිලියන 02ක පමණ භූමි ප්‍රමාණයක්, එම ඉඩම් හිමි ගොවීන් සඳහා සින්නකරව ලබාදීමට රජය තීරණය කර ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

එසේම මහා පරිමාණ නවීන කෘෂිකාර්මික ව්‍යවසායන් ඇති කිරීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිළි කර තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය (AI) වෙත ප්‍රවේශවීම ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රජය මේ වන විටත් අරමුදල් වෙන් කර ඇති බව ද මෙම අවස්ථාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් තමිල්නාඩුවේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇති විය හැකි කාර්මීකරණය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වනු ලැබුවා.

එමෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය සහ නැගෙනහිර හා බටහිර අප්‍රිකානු කලාපයේ රටවල ඇති නව ආයෝජන අවස්ථාවන් ගවේෂණය කරමින් එම රටවල ද ආයෝජනය සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් ඒකාබද්ධව කලාපයේ සංචාරක ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳව ද මෙහිදී යෝජනා කළ ජනාධිපතිවරයා ඒ සඳහා නේපාලය ද එක් කර ගත හැකි බවයි සඳහන් කළේ.

එසේම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර සංචාරක කලාපයක් ඇති කිරීමේ සැලසුම් පිළිබඳ අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය කැරිබියන් දූපත් වලට වඩා විශාල විකල්පයක් වනු ඇති බව ද සඳහන් කර තිබෙනවා.

කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට අයදුම් කර ඇති බවත්, ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ඇතුළුව දැනට ශ්‍රී ලංකා ව සිදු කරමින් සිටින වෙළෙඳ සාකච්ඡා හා නව ගිවිසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ව්‍යවසායකයින් දැනුවත් කරනු ලැබුවා.

කලාපය තුළ පවතින ආර්ථික හැකියාවන් පිළිබඳව සුබවාදීව අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අපේක්ෂා කරන කලාපීය ආර්ථික වර්ධනය ඇති කර ගැනිම සඳහා සක්‍රීයව දායක වන ලෙසටයි තරුණ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01