දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයින් පැසසුමට (ඡායාරූප)

ඉන්දියාවේ රංචි හි පසුගිය 24 දින සිට තෙදිනක් පුරා පැවති 04 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවුණා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙක් සහභාගී වූ අතර, ඔවුන්ගෙන් 30 දෙනෙක් යුද හමුදාව නියෝජනය කිරීම විශේෂත්වයක්.

එම යුද්ධ හමුදා ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 27 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් වුණා.

මෙම විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණය සඳහා දායකත්වය ලබා දුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සියලු දෙනාහට යුද්ධ හමුදාධිපතිතුමන් සුභ පැතුම් එක්කළ අතර ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් මිලියන හයකට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කරනු ලැබුවා.

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 18 දෙනෙක්හට යුද්ධ හමුදාධිපති විසින් ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුව තිබෙනවා.

පහත සඳහන් පරිදි පදක්කම් දිනාගත් ක්රිකඩක ක්‍රීඩිකාවන් මෙලෙස පැසසුමට ලක්වුණා.

රන් පදක්කම්ලාභීන් ලෙස කාලිංග කුමාරගේ, නදීෂා ලේකම්ගේ, තරිදු දසුන්, අමාෂා ද සිල්වා, සාෆියා ෆාතිමා යමික්, හර්ෂ කරුණාරත්න, චමෝද් යෝධසිංහ, සදුන් දියලවත්ත, ප්‍රමුදිත සිල්වා, පසිඳු මල්ශාන්, රසාරා විජේසුරිය, ඉන්දූප සිල්වා

එමෙන්ම රිදී පදක්කම්ලාභීන් ලෙස කාලිංග කුමාරගේ, නදීශා රාමනායක, කෝප්‍රල් රුසිරු චතුරංග, සුමේධ රණසිංහ, රෝෂාන් ධම්මික රණතුංග, අමාෂා ද සිල්වා, වික්නරාජ් වක්සන්, රනින්දි ගමගේ, ඉන්දූප සිල්වා

ලෝකඩ පදක්කම්ලාභීන් ලෙස ලක්ෂිකා සුගන්ධි, දමිත් ධර්මසේන, නිලන්ත දිසානායක, මොහොමඩ් නිෆ්රාස්, සුසිනද්‍ර කුමාර් මිතුන්රාජ්, ඉන්දුප සිල්වා, සෂිනි උපේක්ෂා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14