දකුණු ආසියානු අන්තර්ජාතික ආර්ථික නීතිය පිළිබඳ පර්යේෂණ සැසිය පසුගිය 16 වනදා ආරම්භ වුණා.
මෙම සැසිය දෙසැම්බර් 16 ,17 සහ 18 යන දිනවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නාවල මධ්‍යස්ථානයේ දී පැවැත් වෙනවා.
මෙවර එම සැසිය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යනාංශය විසින්.
අන්තර්ජාතික ආර්ථික නීතිය පිළිබඳව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, පෝලන්තය සහ ඉන්දියාව වැනි රටවල කීර්තිමත් විද්‍යාර්ථයින් රැසක් මෙවර සැසිය සඳහා සහභගී වනවා.
