spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත භාවිතය නවතයි

දකුණු අප්‍රිකාව විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.ඒ, දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදයට එමඟින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් අතරින් 90% ක්ම නව ප්‍රභේදයට ගොදුරු වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.සුළු හා මධ්‍යම මට්ටමේ කොරෝනා රෝග තත්ත්වය වැළැක්වීමට ඇස්ට්‍රාසෙනෙකා එන්නත අසමත් බව විද්‍යාඥයින් තහවුරු කරගෙන ඇති කරුණක්.කෙසේ නමුත්, එමඟින් රෝගය උත්සන්න වීම සහ මරණය වළක්වාලීමට සහයක් හිමිවනවා. දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ එම එන්නත් මාත්‍රා මිලියනයක් ආනයනය කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?