දකුණු අප්‍රිකාවේ දරුණු බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ සිදු වූ දරුණු බස් රථ අනතුරකින් එම බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකාවේ ඊසානදිග ලිම්පෝපෝ පළාතේ පාලමක් මතින් ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉන් පිටතට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීටර් 50ක් ප්‍රපාතයකට එම බස් රථය පෙරළී ගොස් ඇති අතර, මෙම අනතුරින් දිවි ගලවාගැනීමට හැකිව ඇත්තේ බස් රථයේ සිටි 08 හැවිරිදි දැරියකට පමණයි.

එම දැරිය ද බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක් ගමන් ගත බස් රථයක් ඊයේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් බ්‍රහස්පතින්දා සවස් වන තුරුම ක්‍රියාත්මක වූ අතර, මුදාගැනීමේ කණ්ඩායම්වලට අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීමට තිබූ අපහසුතා හේතුවෙන් සුන්බුන් අතර සිරව සිටි බොහෝ පිරිසකගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26