spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාවේ දරුණු බස් රථ අනතුරක් – 45ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ සිදු වූ දරුණු බස් රථ අනතුරකින් එම බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකාවේ ඊසානදිග ලිම්පෝපෝ පළාතේ පාලමක් මතින් ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉන් පිටතට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීටර් 50ක් ප්‍රපාතයකට එම බස් රථය පෙරළී ගොස් ඇති අතර, මෙම අනතුරින් දිවි ගලවාගැනීමට හැකිව ඇත්තේ බස් රථයේ සිටි 08 හැවිරිදි දැරියකට පමණයි.

එම දැරිය ද බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

බොට්ස්වානා අගනුවර වන ගැබොරෝන් සිට මොරියා නගරයේ පාස්කු දේව මෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක් ගමන් ගත බස් රථයක් ඊයේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් බ්‍රහස්පතින්දා සවස් වන තුරුම ක්‍රියාත්මක වූ අතර, මුදාගැනීමේ කණ්ඩායම්වලට අනතුර සිදුවූ ස්ථානයට ළඟාවීමට තිබූ අපහසුතා හේතුවෙන් සුන්බුන් අතර සිරව සිටි බොහෝ පිරිසකගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
13
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?