දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම කාරක සභාව අද දින (30) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දුන් බවයි පාර්ලිමේන්තුව දැනුම් දුන්නේ.