spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකානුවන් සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉෂාන් කිෂාන් ඉවතට

ඉන්දියාවේ කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂාන් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පුද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස එම තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉෂාන් කිෂාන් මෙලෙස සංචිතයෙන් ඉවත්ව යාමෙන් පසු එම ස්ථානය සඳහා එස්.කේ. භාරත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ටෙස්ට් තරග 05කට ක්‍රීඩා කර ඇති එස්.කේ.භාරත්ට අමතරව ඉන්දීය සංචිය තුළ කේ.එල් රාහුල් ද කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කරනවා.

ඒ, අනුව බොහෝ දුරට මෙම තරගාවලිය තුල රාහුල් කඩුල්ල පිටුපස වගකීම ඉටුකරනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ.

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලිය මෙම මස 26 වැනිදා සෙන්චූරියන්හි දී ආරම්භවීමට නියමිතයි.

තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය,

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, රුතුරාජ් ගයික්වාඩ්, කේ.එල් රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ෂර්දුල් තාකූර්, මොහොමඩ් සිරාජ්,මුකේෂ් කුමාර්, ජස්ප්‍රිත් බුම්රා, ප්‍රසිද් ක්‍රිෂ්ණා, එස්.කේ.භාරත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?