spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකානුවන්ට පැරදුණු ශ්‍රී ලංකා පිළට දඩයක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩ මුදලක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

දකුණු අප්‍රිකානුවරට එරෙහිව ඊයේ (07) පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන මෙලෙස ශ්‍රී ලංකා පිළට දඩ මුදලක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා පිළ නියමිත වේලාවට පන්දුවාර දෙකක් අඩුවෙන් යොමුකර ඇති බවට තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රමාද වන පන්දුවාරයකට තරග ගාස්තුවෙන් 5%ක් බැඟින් පන්දුවාර දෙකට 10%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් මෙම ප්‍රමාදවීම පිළිගෙන ඇති බවයි වාර්තා වුණේ.

දිල්ලි හිදී පැවති මෙම තරගය සටනකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 102කි පරාජයවීමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
34
+1
47
+1
19
+1
33
+1
12
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?