දකුණු අප්‍රිකානුවන්ට පැරදුණු ශ්‍රී ලංකා පිළට දඩයක්

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩ මුදලක් පැනවීමටයි තීරණය කර ඇත්තේ.

දකුණු අප්‍රිකානුවරට එරෙහිව ඊයේ (07) පැවති තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන මෙලෙස ශ්‍රී ලංකා පිළට දඩ මුදලක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා පිළ නියමිත වේලාවට පන්දුවාර දෙකක් අඩුවෙන් යොමුකර ඇති බවට තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රමාද වන පන්දුවාරයකට තරග ගාස්තුවෙන් 5%ක් බැඟින් පන්දුවාර දෙකට 10%ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක විසින් මෙම ප්‍රමාදවීම පිළිගෙන ඇති බවයි වාර්තා වුණේ.

දිල්ලි හිදී පැවති මෙම තරගය සටනකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 102කි පරාජයවීමට සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14