දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් – 11ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වන මංතීරුවේ ගමනා ගමනයට බාධාවක් මතුව තිබෙනවා.

ඒ දොඩංගොඩ සහ ගැලණිගම අතර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන්.

බස් රථ දෙකක් සහ බවුසරයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් තුවාල ලැබූ 11 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.