spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දක්ෂිණ අධිවේගයේ නාය ගිය කොටසේ පස් ඉවත් කිරීම තවදුරටත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමට ලක් වූ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.

පැවති වර්ෂාව ද නොතකා ඊයේ (12) රාත්‍රියේ සිට සේවකයින් එහි පස් ඉවත් කිරීමේ කටයුතුවල නියැලී සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

කෙසේ වෙතත් එම මාර්ග කොටස යළි රථවාහන ධාවනය සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, ඉදිරියේ දී සිදුකරන පරීක්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ මත එම තීරණයට එළඹෙන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?