දංගෙදර ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

ගාල්ල පොලිස් වසමේ දංගෙදර ප්‍රදේශයේ දී පසුගිය 12 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 810ක් සමඟ මෙම සැකකරු ඊයේ (29) ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බණ්ඩාරගම පොලිස් වසමේ මිල්ලගහ හන්දිය ප්‍රදේශයේ දී 33 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු පැදින්නොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ තවත් සක්කරුඅන් දෙදෙනෙක් දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය 12 වනදා පෙරවරුවේ රතු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44