spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දංකොටුවේ නිවසක් තුළ කාන්තා ඝාතනයක්

දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බව ලද තොරතුරකට අනුව විමර්ශන අරඹා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව තම පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට තිබෙනවා.

ඊයේ (31) උදෑසන කාලයේ නිවසින් බැහැරට ගොස් ඇති පුත්‍රයා සවස යළි නිවසට පැමිණ බලන විට නිවසේ කාමරයක් තුළ ගෙළ සිරකර තම මව ඝාතනය කර තිබූ සිය මවගේ සිරුර දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බධයෙන් දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
13
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?