දංඕවිට බාර් කොල්ලයට ආ කොල්ලකරුවෙක් රෝහලේ දී ජීවිතක්ෂයට

දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑ සිද්ධියේ පොලිස් වෙඩි පහරට ලක්ව රාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි කොල්ලකරුවෙක් පසුගියදා (08) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල – අක්බාර් ටවුමේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය දෙවනදා අලුයම් කාලයේ දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන් අලෙවිසැලක් කොල්ලකන බවට ලද තොරතුරක් මත පොලිසිය එහි පැමිණි අවස්ථාවේ දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබුණා.

එහිදී පොලිස් වෙඩි පහරට ලක්ව කොල්ලකරුවන් දෙදෙනෙක් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත්ව සිටිය දී පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් අත්අඩංගුවට පත් එම කොල්ලකරුවන් දෙදෙනා, වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂාකර බැලීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

එලෙස පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රථිකාර ලබමින් සිටි සැකකරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වෙඩි වැදුණු අනෙක් කොල්ලකරු පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් බස් රථයක ගමන්කරමින් සිටි 29 හැවිරිදි ඉරේෂා ශ්‍යාමලී නමැති තරුණියකට ද වෙඩි උණ්ඩයක් වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16