තේ වත්තකින් හමුවූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි (ඡායාරූප)

පුස්සැල්ලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී හමුවූ තරුණ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.

ගෙල ප්‍රදේශය නූලකින් තද කර ගැට ගසා ඝාතනය කළ බවට සැක කරන වයස අවුරුදු 25ක් වන මෙම කාන්තාවගේ සිරුර ඊයේ සොයා ගැනුණේ පුස්සැල්ලාව සෝගම වත්ත උඩකොටසේ ලඳු කැලෑවක තිබියදීයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෙල්බොඩ වත්ත කටුකිතුල ජනඋදාන ගම්මානයේ පදිංචි විවාහක කාන්තාවක් බව හඳුනාගෙන තිබෙනවා.

පළමු විවාහයෙන් පසු මීට මාස හයකට පමණ පෙර ඇය දෙවන විවාහයක් කරගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත්තේ.

ඇයගේ දෙවන සැමියා කොළඹ ප්‍රදේශයේ සේවය කරන අතර යුවළ කොළඹ ප්‍රදේශය කුලී නිවසක සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම කොළඹ සිට කටුකිතුල ප්‍රදේශයේ බිරිඳගේ නිවසට යාමට පුස්සැල්ලාව නගරයට පැමිණ ඇති බවට හෙළිවී ඇති අතර එම නිවසට ගොස් නොමැති බවයි සඳහන් වන්නේ.

තේ වත්තේ දළු නෙලීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු මෙම සිරුර දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

මෙම කාන්තාව වෙනත් ස්ථානයක ඝාතනය කර සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා මෙම සිද්ධියෙන් පසු අතුරුදහන්ව ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යොමු කරන ලෙසට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42