spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තේ වත්තකින් හමුවූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි (ඡායාරූප)

පුස්සැල්ලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී හමුවූ තරුණ කාන්තා මළ සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.

ගෙල ප්‍රදේශය නූලකින් තද කර ගැට ගසා ඝාතනය කළ බවට සැක කරන වයස අවුරුදු 25ක් වන මෙම කාන්තාවගේ සිරුර ඊයේ සොයා ගැනුණේ පුස්සැල්ලාව සෝගම වත්ත උඩකොටසේ ලඳු කැලෑවක තිබියදීයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෙල්බොඩ වත්ත කටුකිතුල ජනඋදාන ගම්මානයේ පදිංචි විවාහක කාන්තාවක් බව හඳුනාගෙන තිබෙනවා.

පළමු විවාහයෙන් පසු මීට මාස හයකට පමණ පෙර ඇය දෙවන විවාහයක් කරගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත්තේ.

ඇයගේ දෙවන සැමියා කොළඹ ප්‍රදේශයේ සේවය කරන අතර යුවළ කොළඹ ප්‍රදේශය කුලී නිවසක සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම කොළඹ සිට කටුකිතුල ප්‍රදේශයේ බිරිඳගේ නිවසට යාමට පුස්සැල්ලාව නගරයට පැමිණ ඇති බවට හෙළිවී ඇති අතර එම නිවසට ගොස් නොමැති බවයි සඳහන් වන්නේ.

තේ වත්තේ දළු නෙලීමට පැමිණි කාන්තාවන් දෙදෙනකු මෙම සිරුර දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

මෙම කාන්තාව වෙනත් ස්ථානයක ඝාතනය කර සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා මෙම සිද්ධියෙන් පසු අතුරුදහන්ව ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහල වෙත යොමු කරන ලෙසට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?