තෙවැනි මාත්‍රාව ෂුවර්! එන්නත ලැබෙන්නේ මේ අයටයි

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඒ සඳහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවත් එම එන්නත් සඳහා අවශ්‍ය සියලු මුදල් ලෝක බැංකුව මඟින් ඔක්තෝබර් මස 01 වන දා වන විට ගෙවීමට නියමිත බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසූවේ තුන්වන මාත්‍රාවක් සඳහා වු නිර්දේශය පසුගිය මැයි මාසයේ දී එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් සිදුකළ බවයි.

ඒ අනුව ඇණවුම් කර මාස 6කට පසුව එන්නත් ලබාදිය හැකි බව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා කියා සිටියා.

ඒ පිළිබඳ අදහස් දැක්වු ඒ මහතා මෙසේද සඳහන් කළා, 

“එන්නත්කරණය හා වසංගත රෝග සම්බන්ධ විශේඥ කමිටුව විසින් ඉල්ලීමක් කරා පසුගිය මැයි මාසයේ දී ප්‍රතිශක්තිය අඩුවීමත් එක්ක අවධානම් කලාපයට යන්න පුළුවන් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලබාදෙන්න අවශ්‍ය එන්නත් ඇණවුම් කරන්න කියලා. ඒ නිර්දේශ අනුව තිබුණු දත්ත මත අපි ලියාපදිංචි කරලා තිබුණ ෆයිසර් ආයතනය සමඟ සාකච්ඡා කරලා ඒ අය එකඟ වුණා මිලියන 14ක එන්නත් අපිට ලබාදෙන්න.

“අපේ එන්නත්කරණය කළ යුතු ජනග්‍රහණයෙන් සියයට 60ක පමණ ප්‍රමාණයක් අපිට මේකට අයිති වෙනවා. ද්විත්ව එන්නත ලබාදීමෙන් පසුව එන්නතේ ප්‍රතිශක්තිය අඩුවෙනවා කියලා පෙනුනොත් ඒ හැමකෙනෙකුටම අඩුපාඩුවකින් තොරව‍, කිසිම කෙනෙක් එන්නත් හිඟවෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. ඇති ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට ලංකාවට ලබාගැනීමට කටයුතු සුදානම් කරලා ඉවරයි” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26