තෙවැනි මාත්‍රාව ගැන ඇමති වෛද්‍ය රමේෂ් දුන් උපදෙස

කොරෝනා වසංගතය පාලනය කිරීමට තෙවැනි මාත්‍රාව ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (08) ඉල්ලා සිටියා.

දැනට ශ්‍රී ලංකාවේ අධිමාත්‍රාව ගෙන ඇත්තේ මිලියන 06කට ආසන්න ජනතාවක් පමණක් බව ඇමැතිවරයා සඳහන් කරනවා.

ඔමික්‍රොන් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර ගියත් සංකූලතා අඩු වී ඇත්තේ මාත්‍රා දෙකම ගෙන තිබීම හේතුවෙන් බවත් මේ රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නම් තුන් වැනි මාත්‍රාව ද ගත යුතු බවත් තෙවැනි මාත්‍රාව දීමට අවශ්‍ය ෆයිසර් එන්නත් තොගය මේ වන විටත් රටට ගෙන්වා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

පසුගිය කාලය පුරා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විශේෂ වෙහෙසක් ගනිමින් මේ එන්නත් තොග ගෙන්වා ගැනීමට කටයුතු කළ බව පැවැසූ ඇමැතිවරයා එහි ප්‍රතිඵල ගැනීමට නම් තුන්වන මාත්‍රාවත් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා යැයි ඇමැතිවරයා සඳහන් වනවා.

“අද වන විට සංචාරකයන් විශාල පිරිසක් අපේ රටට පැමිණෙමින් ඉන්නවා. ඊට හේතුව අපේ රට නිසි විදියට එන්නත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන නිසා. ඒ වගේම බොහෝ රටවල් අපේ රට ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්වා දී තිබෙනවා. ඒ වගේම ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ක්‍රියා කරන නිසා සංචාරකයන්ට අපේ රට ගැන විශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. මේ තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගන්න නම් තුන් වැනි මාත්‍රාවත් ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”යනුවෙන් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29