අපි බොහෝ වේලාවට දෙවියන් හමුවට පැමිණෙන්නේ, පිළිසරණක් සොයා ගෙනයි. හිතේ විශ්වාසය සහ භක්තිය සමඟ අප ගොඩවන දේව මන්දිරයේදී නොසිතු මොහොතක අපට දෙයක් අහිමි වනවා නම්, එය කිව යුත්තේ කාටද..?
මේ අදහස සිතට නැගෙන්නේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන කොළඹ, කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු කෙරෙන සොරකමක් සම්බන්ධ වීඩියෝ දර්ශනය දුටු විටයි.
මහත් භක්තියෙන්, යාඥාවේ යෙදෙන තරුණියකගේ ගමන් මල්ලේ ඇති මුදල් පසුම්බිය සොරාගන්නා, වයෝවෘද්ධ කාන්තාවකගේ දර්ශන පෙළක් එහි සටහන්ව තිබෙනවා.
දෙවියන්ගේ දෙවොල තුළ මේ වැරැද්ද කරන්නට ඇය පෙළඹු කාරණාව කුමක් වුව ද සිත්පිත් නැතිව තුන්තිස් පැයේ රාජකාරිය කරනා සී.සී.ටී.වි කැමරාවක එය කදිමට සටහන්වී තිබුණේ, මෙලෙසින්.
මේ සිදු වීම ඊයේ (16) උදෑසන 09.56ට පමණ සිදුව ඇති බව අදාළ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ 23 වන කැමරාවේ සටහන් තිබු දර්ශන අතරේ ලියැවී තිබුණා.














oka mokakda. siya gananak bombawalin kudu pattam wena eka ganawath deviyo baluwe nathi ekey