තෙවරප්පෙරුමගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (වීඩියෝ)

අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිට ඔහුගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් ඊයේ (16) පස්වරුවේ හදිසියේ අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට ඔහු 64 වැනි වියේ පසු වූ අතර, විදුලි සැර වැදීමෙන් පසු ඔහුව ඇතුළත් කර තිබුණේ කළුතර ශික්ෂණ රෝහලටයි.

කෙසේ වෙතත් ඔහුව රෝහලට රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත කුමාර තෙවරප්පෙරුම උපත ලැබුවේ 1960 වසරේදීයි.

ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සහ බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.

මේ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33