spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙවරප්පෙරුමගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද

අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ වනවිට ඔහුගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් ඊයේ (16) පස්වරුවේ හදිසියේ අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්තවන විට ඔහු 64 වැනි වියේ පසු වූ අතර, විදුලි සැර වැදීමෙන් පසු ඔහුව ඇතුළත් කර තිබුණේ කළුතර ශික්ෂණ රෝහලටයි.

කෙසේ වෙතත් ඔහුව රෝහලට රැගෙන එන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත කුමාර තෙවරප්පෙරුම උපත ලැබුවේ 1960 වසරේදීයි.

ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සහ බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙස ද කටයුතු කළ අයෙක්.

මේ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) පවුලේ සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?