spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් සමාගම් ඇගයීම සඳහාවන කමිටුව පත් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන, බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා සුදුසු සමාගම් ඇගයීම සඳහා වන කමිටුවක් ඊයේ (05) පත් කර තිබෙනවා.

නව සමාගම් වෙනුවෙන් අවස්ථාව ලබාදීම සඳහා පළ කරන ලද දැන්වීමට අනුව, පසුගියදා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයන සහ සිල්ලර වෙළෙඳපොළ විවෘත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.

ඒ, අනුව සිපෙට්කෝ ආයතනය , ලංකා අයි.ඕ.සී. සමාගම වැනි තවත් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට වෙළඳපොල විවෘත කෙරෙන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?