තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝටි පහක මුදලක් වැයකර ආරක්ෂක කැමරා සවිකර ඇති බව එම සංස්ථා ආරංචි මාර්ග කියයි.

සංස්ථාව පිහිටි ගොඩනැගිල්ලට සවිකර තිබී ආරක්ෂක කැමරා යන්ත්‍ර ක්‍රියාත්මක වෙමින් තිබියදී අලුතින් මෙම කැමරා සවිකර තිබෙන බව සඳහන් වෙයි.

රුපියල් මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන ඛනිජ  තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සඳහා බරපතල මුදල් හිඟයකට මුහුණ දී ඇති අවස්ථාවක ආරක්ෂක කැමරා සවි කිරීමට මෙම මුදල වැය කර ඇතැයි කියති.

මෙම සංස්ථාව පිහිටි තට්ටු පහක ගොඩනැගිල්ල පුරාම ආරක්ෂක කමර සවි කර ඇති අතර නිලධාරින්ගේ කාමරවලට අධිතාක්ෂණික ආරක්ෂක කැමරා සවිකර ඇති බව ද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !