තෙල් සංස්ථාව සහ මහජන උපයෝගිතා කොමිසම, කෝප් කමිටුව හමුවට කැඳවීම කල් යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා සභාපතිවරුන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප් කමිටුව’ හමුවට කැඳවීම අද (12) පෙරවරු 10.00ට කැඳවීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් රට තුළ පවතින දේශපාලන තත්ත්වය හේතුකොටගෙන එම රැස්වීම නො පැවැත්වීමට තීරණය කළ බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

කෝප් කමිටු සභාපතිවරයා නිකුත් කළ නිවේදනය පහතින්..

2 2