තෙල් සංස්ථාවේ අලුත් සභාපති රාජකාරී අරඹයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ මොහොමඩ් උවයිස් අද (07) එම තනතුරේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය අලී සබ්‍රිගේ සහෝදරයෙක් ද වන මොහොමඩ් උවයිස් මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු එම ධුරයෙන් ඉල්ලා වුණා.