spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල සූත්‍රයට ඇමතිතුමා එකඟ වෙයි

ඉන්දියන් ඔයිල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීම සදහා කටයුතු කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (අප්‍රේල් 28) පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී තිබේ.

එසේ ම, රටේ පවතින බලශක්ති අර්බුදය සඳහා බලපා ඇති හේතූ සහ පැවැති කළමනාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සඳහා ඊයේ මුදල් ගෙවීම් සිදුකළ බව ත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් බව ත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?