තෙල් මිල සූත්‍රයට ඇමතිතුමා එකඟ වෙයි

ඉන්දියන් ඔයිල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීම සදහා කටයුතු කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (අප්‍රේල් 28) පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී තිබේ.

එසේ ම, රටේ පවතින බලශක්ති අර්බුදය සඳහා බලපා ඇති හේතූ සහ පැවැති කළමනාකරණ දුර්වලතා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු නැවක් සඳහා ඊයේ මුදල් ගෙවීම් සිදුකළ බව ත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණවත් බව ත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබඳව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළෙඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගි වූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14