තෙල් බෙදා හැරීම නවතින ලකුණු : බවුසර් හිමියන් දැඩි තීරණයක්

ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසින්.

අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ඔවුන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කළා. එයට ප්‍රතිචාර වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පවසා ඇත්තේ ඩීසල් මිල වැඩි වීම පමණක් මිල වැඩි කිරිම සඳහා සලකා බලන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ ඩීසල් වැඩි වීමට අමතරව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම ද සලකා බලා තමන්ගේ ගාස්තු සංශෝධනය කරන ලෙසයි. කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ.

එමෙන්ම මීට ටික වේලාවකට පෙර නිමා වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට දුරකථනය හරහා සම්බන්ධ වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා බලධාරියකු පවසා ඇත්තේ බව්සර් රථ හිමියන් වෙනුවෙන් සිදුකරන ගාස්තු සංශෝධනයන්ද අප්‍රේල් පලවෙනි දින සිට සිදුකරන බවයි.

මේ අතර අද දිනය තුළ කොලොන්නාව ඛනිජ තෙල් නිමාවට පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුනා. මේ හේතුවෙන් අද දිනය තුළ නිකුත් කිරීමට නියමිත ඉන්ධන තොග නිකුත් කිරීමට ද නොහැකි වී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදු කෙරෙන අතර තවත් සමහරක් ඉන්ධනහල් වලට එලෙස ඉන්ධන සැපයීමක් නොකෙරෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38