තෙල් බෙදන්න ලංකාවට එන අලුත් සමාගම් තුනෙන් අඩු මුදලකට ඉන්ධන

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ සමාගම් ගිවිසුම් ගත වීමෙන් පසු මාසයක් ඇතුළත එම සමාගම් මෙරට මෙහෙයුම් කටයතු ආරම්භ කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය මේ වනවිට හිමිව තිබෙනවා.

මෙම තීරණයත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත්, එසේ වුවද පාරිභෝගිකයාට වාසිදායක තත්ත්වයක් අත්වනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ඉන්ධන ආනයනය සඳහා රජය මාසයකට ඩොලර් මිලියන 450ක සාමාන්‍යයක් වැය බරක් දරණ අතර, නව සමාගම් තුන මසකට ඩොලර් මිලියන 120 බැඟින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

එම තත්ත්වය මත ඉන්ධන ආනයනය සඳහා රජයට වැයවන වියදම අඩුකර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම සමාගම් තුන සමඟ ගිවිසුම අවුරුදු 20ක් සඳහා වන අතර, එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් එම සමාගම් ගෙවිය යුතුයි.

අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇතිකර ගන්නා එකඟතාවයන් මත අඛණ්ඩව මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව පවතිනවා.

එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් රජයට ගෙවනු ඇති බවත්, ඔවුන් විසින් අලෙවිකරණ ඉන්ධන ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25