spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් බෙදන්න ලංකාවට එන අලුත් සමාගම් තුනෙන් අඩු මුදලකට ඉන්ධන

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ සමාගම් ගිවිසුම් ගත වීමෙන් පසු මාසයක් ඇතුළත එම සමාගම් මෙරට මෙහෙයුම් කටයතු ආරම්භ කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම් පාර්ක්ස් සමාගමට මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීම සඳහා අනුමැතිය මේ වනවිට හිමිව තිබෙනවා.

මෙම තීරණයත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවියට බලපෑමක් එල්ල කරනු ඇති බවත්, එසේ වුවද පාරිභෝගිකයාට වාසිදායක තත්ත්වයක් අත්වනු ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ඉන්ධන ආනයනය සඳහා රජය මාසයකට ඩොලර් මිලියන 450ක සාමාන්‍යයක් වැය බරක් දරණ අතර, නව සමාගම් තුන මසකට ඩොලර් මිලියන 120 බැඟින් ඉන්ධන ආනයනය කරනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

එම තත්ත්වය මත ඉන්ධන ආනයනය සඳහා රජයට වැයවන වියදම අඩුකර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම සමාගම් තුන සමඟ ගිවිසුම අවුරුදු 20ක් සඳහා වන අතර, එම කාලය තුළ ගිවිසුම අලුත් කිරීමේ ගාස්තු ලෙස වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් එම සමාගම් ගෙවිය යුතුයි.

අවුරුදු 20කට පසුවත් එම සමාගම් වලට සාකච්ඡා මාර්ගයෙන් ඇතිකර ගන්නා එකඟතාවයන් මත අඛණ්ඩව මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව පවතිනවා.

එම සමාගම් ගබඩා ගාස්තු ලෙස මුදලක් රජයට ගෙවනු ඇති බවත්, ඔවුන් විසින් අලෙවිකරණ ඉන්ධන ලීටරයකින් යම්කිසි ප්‍රතිශතයක් රජයට අදායමක් ලෙස ලැබෙනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?