spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් නැව තවත් ප්‍රමාදයි – ඇමති කංචන සමාව ඉල්ලයි

මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාව පැමිණීම තව දුරටත් ප්‍රමාද වනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ නෞකාව පැමිණෙන දිනය පිළිබදව පසුව දැනුම් දෙන බවත්, නෞකාව පැමිණෙන දිනය යාවත්කාලීන කරමින් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවයි.

බලශක්ති අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා තිබුණා.

මේ අතර සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා පිහිටුවා තිබූ පිරවුම්හල් සංඛ්‍යාව 85ක් දක්වා වැඩිකර තිබෙනවා.

මීට පෙර එම සංඛ්‍යාව දැක්වුණේ 74ක් ලෙසයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 6,600 බැගින් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

අදාල ඉන්ධන පිරවුම්හල් 85 පහතින්..

10 1
11 1
12 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?