තෙල් තියනවා ඔයාල බූලි වලට ගහගන්නවා නේ….

මෙරට තුල භාවිතයට ගන්නා ඉන්ධන වලට අදාල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නොමැති බව රජය නැවත අවධාරණය කරනවා.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පෙන්වා දෙන්නේ මෙරටට ගෙන එන ඉන්ධන තොග නෞකාවට පටවන අවස්ථාවේ සිට නෞකාවෙන් මෙරටට ගොඩබාන අවස්ථාව දක්වා ලොව පිළිගත් ප්‍රමිති ආයතන කිහිපයක් විසින් අදාල ඉන්ධන වල ප්‍රමිතීන් පරීක්ෂා කෙරෙන බවයි.

එම කිසිදු ආයතනයක් විසින් ඉන්ධන වල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් රජය වෙත වාර්තා කර නොමැති බැවින් රටතුල පවතින ඉන්ධන තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි ලොකුගේ අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි රටතුල පවතින බවට අමාත්‍යවරයා පැවසුවද ඉන්ධනහල් අසල තවදුරටත් දිගු පෝළිම් පවතින්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කලා.

එහිදි ඔහු පවසා සිටියේ බවුසරයක ඇති ඉන්ධන දින තුනක් මීට පෙරදි පිරවුම් හලක් වෙළදාම් කලද මේ වන විට බවුසරයක ඇති තෙල් පැය කිහිපයකින් අවසන් වන බවයි.ඒ අනුව ඔහු පවසන්නේ ඉන්ධන ගබඩාකර ගැනීම මීට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59