spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් තියනවා ඔයාල බූලි වලට ගහගන්නවා නේ….

මෙරට තුල භාවිතයට ගන්නා ඉන්ධන වලට අදාල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නොමැති බව රජය නැවත අවධාරණය කරනවා.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පෙන්වා දෙන්නේ මෙරටට ගෙන එන ඉන්ධන තොග නෞකාවට පටවන අවස්ථාවේ සිට නෞකාවෙන් මෙරටට ගොඩබාන අවස්ථාව දක්වා ලොව පිළිගත් ප්‍රමිති ආයතන කිහිපයක් විසින් අදාල ඉන්ධන වල ප්‍රමිතීන් පරීක්ෂා කෙරෙන බවයි.

එම කිසිදු ආයතනයක් විසින් ඉන්ධන වල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් රජය වෙත වාර්තා කර නොමැති බැවින් රටතුල පවතින ඉන්ධන තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි ලොකුගේ අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි රටතුල පවතින බවට අමාත්‍යවරයා පැවසුවද ඉන්ධනහල් අසල තවදුරටත් දිගු පෝළිම් පවතින්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කලා.

එහිදි ඔහු පවසා සිටියේ බවුසරයක ඇති ඉන්ධන දින තුනක් මීට පෙරදි පිරවුම් හලක් වෙළදාම් කලද මේ වන විට බවුසරයක ඇති තෙල් පැය කිහිපයකින් අවසන් වන බවයි.ඒ අනුව ඔහු පවසන්නේ ඉන්ධන ගබඩාකර ගැනීම මීට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?