තෙල් ඕනම අයට කූපන් ක්‍රමයක් ලබා දෙනවලු

තෙල් අවශ්‍යම මිනිස්සුන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන කූපන් ක්‍රමයක් ලබා දිය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ ජලසම්පාදන මණ්ඩලයේ දකුණු පළාත් සම්බන්ධීකරණ කාර්යාලය අද (21) රන්න බටඅත ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“විශාල උද්දමනයකට අපි මුහුණ දෙනවා. ඩොලර් හිඟය නිසා රුපියලේ වටිනාකම අඩු වෙනවා. රුපියලේ වටිනාකම අඩු වෙද්දි මිල වැඩිවෙනවා. නැව් ගාස්තු වැඩි වෙනවා. ලෝකයේ හැම රටකම අද උද්දමනය පිළිබදව ප්‍රශ්නය තිබෙනවා.

තෙල් මිල ගොඩක් වැඩිවී තිබෙනවා. තෙල් මිල වැඩි වෙද්දි ලංකාවට ගේන තෙල් මිලත් වැඩි වෙන්නට ඕනෑ. නමුත් මගේ මතය නම් තෙල් අවශ්‍යම මිනිස්සුන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන කූපන් ක්‍රමයක් දෙන්න. සීමාවක් උඩ පමණක් භාවිතා කළ යුතුයි. විශාල වාහන තිබෙන මිල මුදල් තිබෙන අයට තමන් පාවිච්චි කරන තෙල්වලට සීමාවක් කූපන් ක්‍රමය අනුව තිබිය යුතුයි. අවශ්‍යම අයට අවම සීමාවක් අනුව හැමදෙනාටම මෙය බෙදී යන ආකාරයට තිබිය යුතුයි.

මිල වැඩිකරද්දී පුළුවන් අය ඒ මිලට තෙල් ගන්නවා. බැරි අය අඩුවෙන් ගන්නවා නැත්නම් නොගෙන ඉන්නවා. මේ වෙළදපොළ ක්‍රමය මිල වැඩි කිරීමෙන් භාවිතය අඩු කිරීම වෙනුවට කූපන් ක්‍රමයක් හරහා භාවිතය නියාමනය කිරීම අපි ගත යුතු මාර්ගයයි.

සමහර තැන්වලදී රජයට සිදුවෙනවා ආදායම් නැති මිනිස්සු වෙනුවෙන් අතින් වියදම් කර ඇතැම් සේවාවන්වල මිල දරාගන්න. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. අපේ යෝජනාවක් තිබෙනවා ලංකාවේ අඩු ආදායම් ලබන විශාල පිරිසකට අඩු මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සමූහයක් ලබා දෙන්න. ඒ පිළිබඳ මුදල් අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල තවම ක්‍රියාත්මක වුණේ නැහැ. එවැනි වැඩපිළිවෙලක් තමයි සිදුකෙරිය යුතු වෙන්නේ.

අපි දුෂ්කර මාවතක් කරා යන්නේ. අපිට යන්න අනාගතයක් තියෙනවා. පසුගිය රජය වගේ බංකොලොත් දේශපාලනයක් නෙවෙයි. තියන හැමදේම විකුණා දැමූ දේශපාලනයක් නෙවෙයි. දුශ්කර මාවතේ අනාගතයට යෑමේදී අපි හැමෝටම සාධාරණතවය යුක්තිය ඉටු වෙන ආකාරයට අපි ඒ ගමන යා යුතුයි” යැයිද කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48