තෙල්දෙණියේ සිසුවියන් දෙදෙනෙක් වික්ටෝරියා ජලාශයට පනී

පාසල් සිසුවියක් වික්ටෝරියා ජලාශයට පැන සිය දිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මෙම සිසුවිය ඊයේ (23) දහවල් ඇයගේ තවත් මිතුරියක් ද සමඟ මෙලෙස ජලාශයට පැන ඇති බවයි තෙල්දෙණිය පොලිසිය පැවසුවේ.

එහිදී එක් සිසුවියක් පිහිනාවිත් ජීවිතය බේරාගෙන ඇති අතර,ඇය ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට එහි ප්‍රතිකාර ලබනවා.

අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ (24) පස්වරුව වනවිට සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව 17 හැවිරිදි පාසල් සිසුවියක්.

තෙල්දෙණිය පොලිසිය පැවසුවේ මිය ගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි.

දිවි බේරාගත් අනෙක් සිසුවියගෙන් තවමත් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොමැති අතර,ඇය දැඩි කම්පන තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

  1. දරැවන්ට සැනසිලිදායක පරිසරයක් ජිවත්වෙන්න ලැබේවා…ඒ සඳහා නිසි අධ්‍යාපනයක් ලැබේවා දෙමාපියන් හා පාසැල් වලින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48