තෙල්දෙණියේ මෝටර් රථයක මියගොස් සිටි කත අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක්

තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී ඊයේ (17) දිනයේ දී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිසිය විසින් එම කාන්තාවගේ අනන්‍යතාවය මේ වන විටය තහවුරු කරගෙන ඇති අතර ඇය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් ලෙස සේවය කර තිබෙනවා.

වයස අවුරුදු 33ක් වූ මෙම මියගුඉය කාන්තාව වැලිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම කාන්තා මළ සිරුර මෝටර් රථයක තිබී සොයාගත් අතර, පොලිසිය විසින් සැකකරන්නේ මෙම මියගොස් සිටින කාන්තාවගේ පෙම්වතා පොලිසියට මෙම දුරකථන ඇමතුම ලබා දි ඇති බවටයි.

මෙම කාන්තාව පසුගිය 03 වැනිදා සිට වන දින සිට පෙරේදා (16) දිනය දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට ද පොලීසියට අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර නුවරඑළියේ හෝටලයක් තුළින් මෙම මියගිය කාන්තාව, පෙම්වතා යැයි සැක කෙරෙන පිරිමි පුද්ගලයා විසින් ඔසවාගෙන පිටතට රැගෙන එන ආකාරය, CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted