තෙල්දෙණියෙන් හමු වූ සැපරිය ගැන කපුවෙකුගෙන් ප්‍රකාශයක් අරන්

තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී නිවාස සංකීර්ණයේ පාළු නිවසක ගරාජයක් තුළ තිබී ඊයේ (01) සොයාගත් ජීප් රථය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ කපුමහතෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළා.

අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මේ බව සඳහන් කර සිටියා.

එම ප්‍රකාශ සටහන්කර ගැනීමේ දී අදාළ කපුමහතා පොලිසියට පවසා ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ජීප් රථය ඔහුට ලබාදුන් බවයි.

ඒ, අනුව මෙම රථය කපුමහතා වෙත ලබා දී ඇත්තේ පසුගිය දා කටුගස්තොට ප්‍රදේශයේ දී වෙඩි තබාගෙන සියදිවි නසාගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් බව අනවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැවසුවේ.

කෙසේ වෙතත් මෙම ජීප් රථය කාගේ ද යන්න පිළිබඳව නිශ්චිතවම තහවුරු කරගෙන නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම ජීප් රථයේ සවිකර තිබූ අංක තහඩුව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේ දී එම අංකයට වෙනත් වාහනයක් ලියාපදිංචි කර ඇති බවට අනාවරණය වූ බවත්, එම රථය ද නුවර ප්‍රදේශයේ වාහනයක් බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සොයාගත් මෙම ජීප් රථය නීති විරෝධීව එකලස් කළ, නීති විරෝධීව භාවිත කළ වාහනයක් බවට මේ වනවිට නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04