තෙමඟුල සිහි ගන්වමින් සය දිනක් පුරා පැවැත්වෙන ධර්මේන්ද්‍රාරාමයේ වෙසක් කලාපය(වීඩියෝ)

අම්බලන්ගොඩ – නින්දාන ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය පොල්වත්තේ වංසික නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු කෙරෙන ‘2025 වෙසක් කලාපය’ මැයි 10 වැනි දින සිට ආරම්භ කෙරුණා.

මෙම මහා පිංකම පුරා දින සයක් පුරාවට ගම්වැසියන්ගේ සහ ශ්‍රී ධම්මකුශල දහම් පාසල් දරු දැරියන්ගේ මෙන් ම ආචාර්‍යය මණ්ඩලයේ සංවිධායක ශක්තියෙන් සිදු කෙරෙනු ඇති.

මැයි 10 වැනි දිනෙන් රුක් රෝපණ වැඩසටහනක් සිදු කෙරුණා.

මැයි 11 වැනි දින නින්දාන – නාගහගොඩ අන්‍යෝන්‍යාධාර සමිතියේ අනුග්‍රහයෙන් ලේ දන්දිමේ කඳවුරක් ද පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

මැයි 12 වැනි දින උදෑසන 06 සිට රාත්‍රී 07 තෙක් සීල ව්‍යාපාරයක් සහ අටවිසි බුද්ධ වන්දනාවක් ද පැවැත්වුණා.

මීට අමතර ව අද (13) දිනයේ දී නින්දාන ධම්මකුසල දහම් පාසලේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් සහ, දහම් පාසල් ප්‍රධානාචාර්‍යය විශ්‍රාමික විදුහල්පති නින්දානේ චන්දික හිමියන්ගේ මගපෙන්වීම යටතේ සිදු කෙරෙන වෙසක් ළමා පෙරහැර පැවැත්වීම සිදු කෙරුණා.

ඊට අනුග්‍රහය ලබා දී තිබුණේ නාගහගොඩ තරුණ කැල විසින්.

මීට අමතර ව මැයි මස 16 වැනි දින දක්වා සුවදිවි සායනයක්, අටවිසි සම්බුද්ධ පූජාව ඇතුළු වෙසක් සතිය මුල් කරගෙන පිංකම් රාශියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම පිංකම් මාලාවට ම පූර්ණ අනුග්‍රහක ශක්තිය ලබා දෙන්නේ 74 නින්දාන ග්‍රාම සංවර්ධන සමිතිය විසින්.