තෙත බර සහිත බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට

කල්පිටිය උච්චමුනේ වෙරළ තීරය, මන්නාරමට ඔබ්බෙන් උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශය, ඩෙල්ෆ් දූපතේ උරිමුනායි හා වෙල්ලියල් සහ සිලාවතුර – කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය 25 හා 27 යන දෙදින සිදුකළ සෝදිසි මෙහෙයුම් මගින්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 552කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනුණා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් මෙම සියලු මෙහෙයුම් සිදු කළ බවයි.

මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තැබෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්