තුර්කි නාවික හමුදාවේ නෞකාවක් දිවයිනට (ඡායාරූප)

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව ඊයේ (13) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරුණා.

මෙලෙස දිවයිනට පැමිණි CORVETTE වර්ගයට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව, දිගින් මීටර් 99.56 ක් හා නැව් මුළුව 147ක ගෙන් සමන්විතයි.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, ලුතිනන් කොමාණ්ඩර් අනිල් බිල්ජින් කටයුතු කරනු ලබනවා.

‘TCG BÜYÜKADA’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා ද සහභාගි වීමට නියමිතව ඇති බව සඳහන්.

නිල සංචාරය අවසන් කරමින් ‘TCG BÜYÜKADA’ නෞකාව ලබන 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක ද නිරත වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Image 2025 06 14 at 9.10.12 AM
WhatsApp Image 2025 06 14 at 9.10.11 AM
WhatsApp Image 2025 06 14 at 9.10.09 AM
WhatsApp Image 2025 06 14 at 9.10.08 AM
WhatsApp Image 2025 06 14 at 9.10.07 AM 1
WhatsApp Image 2025 06 14 at 9.10.07 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14