spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පිරිස තව තවත් ඉහළට

තුර්කිය – සිරියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 40,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා.

තුර්කි බලධාරීන් පවසන අන්දමට එරට තුළ පුද්ගලයින් 35,418 දෙනෙකු මියගොස් ඇති අතර, සිරියානු රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ පුද්ගලයින් 5,800 කට වැඩි පිරිසක් මෙම ව්‍යසනයෙන් මියගොස් ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විස්තර කරන්නේ සියවසක් තුළ යුරෝපීය කලාපය තැති ගැන්වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය මෙය ලෙසයි.

මේ අතර නවාතැන්, සෞඛ්‍ය සේවා සහ ආහාර ඇතුළුව සිරියානු දිවි ගලවා ගත් මිලියන පහකට පමණ ආධාර කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 397ක ආධාර ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?