තුන් පාරක් ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ රාතිට වැඩ වරදියි

ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙකු වන දිග්වේෂ් රාති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තෙවැනි වරටත් චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කර තිබෙනවා.

ඊයේ (19) ලක්නව් හි දී සන් රයිසස් හයිද්‍රාබාද්වරුන්ට එරෙහිව පැවති තරගයේ දී රාති චර්‍යාධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් ඔහුට එක් IPL තරගයක් තහනම් කිරීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

එමෙන්ම රාතිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ගෙවන ලෙසට ද නියම කර තිබෙනවා.

මීට අමතර ව රාති සමග උණුසුම් වචන හුවමාරුවක පැටලුණු ලක්නව් පිලෙහි අභිෂේක් ෂර්මාට ද තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර තිබෙනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමට එරෙහිව LSG කණ්ඩායම සහභාගී වූ තරගයේ දී රාති, අභිෂේක් ෂර්මා දවා ගැනීමෙන් පසුව මෙම සිදුවීම සිදු වුණා.

රාති සෘණ ලකුණු 05ක් මෙම IPL වාරයට එක් කරගැනීම හේතුවෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (අනිද්දා -23) පැවැත්වෙන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරගය ඔහුට අහිමි වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03