තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු අල්ලන ඉව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පන්දුවාර 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය කරා ළං වන්නට ශ්‍රී  ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට තවත් ලබාගත යුතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 29ක් පමණයි.

මේ වන විට වනිඳුසහ මෙම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ශම්සි අතර ප්‍රසාද ලකුණු පරතරය 28ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින තබ්‍රේස් ශම්සි ලබාගෙන ඇති  ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 792ක්.

දෙවන ස්ථානයේ රැඳී සිටින වනිඳු හසරංග ඉදිරියේ ලියැවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 764ක්.

එමෙන්ම ශ්‍රී ලංකා  කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නවතම අයි.සී.සී. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ 18 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

මෙතෙක් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ඉහලින් සිටි දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් නවතම වර්ගීකණය අනුව මෙම ලැයිස්තුවේ 14වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා.

මොවුන් දෙදෙනා ඉදිරියේ පිළිවෙලින් සටහන්වී ඇති ‍ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වන්නේ 555ක් සහ 574ක්.