තුන්සක රියේ අමතක ව ගිය ලක්ෂ 02ක මුදල යළිත් හිමිකාරිනියට

තම ත්‍රීරෝද රථයේ අමතක ව ගිය රුපියල් ලක්ෂ 200,000කට ආසන්න මුදලක්, නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දූරකථනයක් සහ වැදගත් ලියකියවිලි රැසක් අඩංගු ව තිබූ කාන්තා අත් බෑගයක් පැය 24ක් තුළ
එහි හිමිකාරිනිය සොයා භාරදීමට කැකිරාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකුට හැකි ව තිබෙනවා.

මෙම අගය කළ යුතු ක්‍රියාව සිදු කර ඇත්තේ කැකිරාව – ඔළුකරද ගම්මානයේ පදිංචි එන්.පී.පාලිත පීරිස් නම් වූ 48 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම අත් බෑගයේ හිමිකාරිනිය ත්‍රීරෝද රථයේ ගමන් කර ඇති බවත්, ඇයට සිය බෑගය අමතක වී බැස ගොස් ඇති බවත් හෙළි ව තිබෙනවා.

පසුව එහි රියදුරු විසින් එම අත් බෑගය කැකිරාව පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් භාර දී ඇත්තේ; එය හිමිකාරිනිය සොයා භාරදෙන ලෙස පවසමින්.

මෙම අත් බෑගයේ හිමිකාරිනිය ෛඉපලෝගම – මහමීගස්වැව ප්‍රදේශයේ පදිංචි ව සිටින එස්. දයාවතී නම් වූ 53 හැවිරිදි කාන්තාවක්.

මෙම ත්‍රීරෝද රථ රියදුරු කැකිරාව පොලිසියේ ද සහාය ඇති ව හිමිකාරිනියට එම අත් බෑගය යළි පිළිගැන්වීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12