තුන්සක රියෙන් ඇද්ද කසිප්පු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු බෝතල් 240 ක් සමග සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (20) අලුයම් කාලයේ දී මාදම්පේ – ජයබිම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති බවයි.

කසිප්පු තොගය පොලිතින් මළු 06 ක අසුරා තිබියදී සොයා ගැනුණා.

පිටතින් කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයට එම පොලිතින් මළු කළු පැහැති ඉටි ආවරණයකින් වසා දමා ත්‍රී රෝද රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

සැකකරු හලාවත – මැරවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම කසිප්පු තොගය මැරවල පදිංචි ප්‍රසිද්ධ කසිප්පු ජාවාරම්කරුවෙකුට අයත් බව අත්අඩංගුවේ පසුවන සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

මාදම්පේ සහ අවට ප්‍රදේශවලට කසිප්පු බෙදා හැරීම මෙම ජාවාරම්කරුවා විසින් සිදු කරන බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුව හලාවත මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25